Monday, May 13, 2013

වත්මන් විදුහල්පතිතූමන්

This post is written in Sinhala Language and you'll need to install Sinhala unicode for your pc from here unless you can't read this post.

1985 දෙසැම්බර් 26 වන දින පොළොන්නරුව , මැදිරිගිරිය යාය 08 විද්‍යාලයෙන් ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළ ගාමිණී වනිගරත්න විදුහල්පතිතුමන් ඉන්පසු රාජගිරිය ජනාධිපති විද්‍යාලය , කොළඹ ආනන්ද විද්‍යාලය , රාජකීය විද්‍යාලය හරහා තම අත්දැකීම් වපසරිය පුළුල් කොට ගත් අතර 2010 වසරේ කොළඹ 09 ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය ආරම්භ කළේය. පරිපාලකයෙකු වශයෙන් ඔහුගේ අත්දැකීම් හා සේවය අධ්‍යාපන අමාත්‍යංශය , ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය , විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය දක්වා වූ පුළුල් පරාසයකට විහිදී යයි.

වර්ෂ 2010 න් පසු ...
ගාමිණී වනිගරත්න විදුහල්පතිතුමන් සේවයට අනුයුක්ත වන විට මුලික යටිතල පහසුකම් පවා නොතිබුණු දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍යයන් මෙන්ම ගුරු මඬුල්ල ද පත්ව තිබූයේ ඉමහත් අසීරුතාවයකටයි. විදුහල්පති වශයෙන් පළමුව බාහිර ආයතනවල අනුග්‍රාහකත්වය මත පාසලේ යටිතල පහසුකම් සංවර්ධනයට කටයුතු කළ ගාමිණී වනිගරත්න මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහායද ඒ සඳහා ලබා ගැනීමට උත්සුක විය. විද්‍යාලයේ සේවයට පත් වී වසර 2 ක තරම් කෙටි කාලයක දී ජනාධිපති අරමුදලින් වැසිකිළි පද්ධති 4 ක් ඉදිකිරීම , මන්ත්‍රී ප්‍රතිපාදන හරහා රු: 500,000 ක් ( ලක්ෂ 5 ) වටිනා ඩෙස්ක් පුටු විද්‍යාලයට ලබා ගැනීම , ප්‍රාථමික අංශය අළුත්වැඩියා කිරීම , විද්‍යාගාරය නවීන අංගෝපාංග සහිතව අළුත්වැඩියා කිරීම ආදී යටිතල පහසුකම් සංවර්ධනයට අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට කටයුතු කළ ඔහු 1 ශ්‍රේණියේ පංති 02 ක්ව තිබු සමාන්තර පන්ති ගණන 2012 වසරේ දී පන්ති 03 ක් දක්වා ඉහළ නංවා 690 ක්ව තිබු ශිෂ්‍ය සංඛ්‍යා990 ක් දක්වා 2013 වසර වන විට වර්ධනය කළේය.

අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වු ඔහු 2011 වසරේ සිට අ.පො.( සා/පෙළ ) ප්‍රතිඵල ඉහළ නැංවිම සඳහා බාහිර සම්පත් දායකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කළේය.

වසරක් පාසා පාසලේ දිළිඳු ශිෂ්‍යයන්ට පාසල් උපකරණ හා පොත් පත් ලබා දීමට බාහිර ආයතන වල අනුග්‍රහකත්වය ලබා ගැනීම ද විදුහල්පතිතුමන් විසින් සිදු කරනු ලබන විශේෂ සේවාවකි.

No comments:

Post a Comment