Monday, May 13, 2013


ඉතිහාසය

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවයේ නියුතු වූ කතෝලිකයෝ පිරිසක් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු බර්ගර ජාතිකයන් වූහ. එකල පැවැති තත්ත්වය අනුව දෙමටගොඩ විසූ කතෝලික සිසුන් අධ්‍යාපනය සඳහා කුරුඳුවත්ත ප්‍රදේශයේ ඇති ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ද, ඩාර්ලි පාරේ ඇති ශාන්ත ජෝශප් විදුහල්වලට යා යුතුව තිබිණ. එම පාසල් ධනවතුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට පිහිටුවනු ලැබූ ඒවා විය. එබැවින් දෙමටගොඩ ප්‍රදේශයේ ජනතාවට තම දරුවන් පාසල්වලට යැවිය නොහැකි විය. එබඳු වාතාවරණයක එය වටහාගත් නිර්මල මරිය නිකායේ අතිගරු මේලි(z)සෝන් අගරදගුරුතුමා රු 1200/= ක මුදලක් ලබා දී සර් තෝමස් ඩී. සම්පායෝ නැමැත්තාගෙන් කොළම්බුවත්ත ඉඩම මිළ දී ගත්තේය.

අපේ පාසල

        මිළ දී ගත ඉඩමේ ජනතාවගෙන් මුදල් අධාර හා ශ්‍රමදායකත්වය ඇතිව කුඩා පාසලක් ඉදි කරන ලදී. මෙම පාසල සියලු සාන්තුවරයින්ගේ බාලිකා විදුහල නම් විය. මෙය 1901.11.23 වන දා පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එකල මෙම පාසලේ පිරිමි දරුවන් ද පහළ බාලාංශය දක්වා අධ්‍යාපනය ලැබූ අතර, ඉහළ බාලාංශය සඳහා වෙනත් පාසලකට යා යුතු විය.
        1939 ජනවාරි මසයේ, අතිගරු M.J.LEGOC පියතුමන්, එවකට ඩාර්ලි පාරේ පිහිටි ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී. එසමයේදී ම, එනම් 1939 ජනවාරි මස දෙමටගොඩ (ශාන්ත ජෝන්) යන නමින් බාලක පාසලක් පිහිටුවන ලදී. මෙහි පළමු විදුහල්පතිවරයා වූයේ ගරු B. Uan Sanden නැමැත්තාය. විදුහල්පතිවරයාගේ ශ්‍රම දායකත්වය යටතේ දෙමටගොඩ විසූ කතෝලික ජනතාවගේදරුවන් සඳහා මෙම විද්‍යාලය තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. මෙම විද්‍යාලය ශාන්ත ජෝශප් විද්‍යාලයේ ශාඛාවක් ලෙස එවකට හැඳින්විණ. නමුත් පසුකාලයේදී එයින් මිදී මෙම විදුහල ස්වපාලන තන්ත්‍රයක් යටතේ පාලනය විය.
        මින් අනතුරුව 1960 වර්ෂයේ දී අධ්‍යාපන ඇමති ධූරය දැරූ ඩබ්-උඩ්-ඩීන් මැතිතුමා අධාර ලබන පාසල් රජයට පවරා ගැනීමේ යෝජනාව යටතේ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය ද රජයට පවරාගන්නා ලදී.

මූලාශ්‍රය:- ඥානාර්ථ ප්‍රදීපය(2012 නොවැම්බර් 18)
ජුබිලි සමරුපොත, ශාන්ත අන්තෝනි දේවස්ථානය.

No comments:

Post a Comment